(UPDATE) මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් නාය යෑමත් සමග ප්‍ර දේශයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබේ.දහම්පුර ප්‍ර දේශයේ නිවාස කිහිපයකට මේ හේතුවෙන් හානි සිදුව තිබේ. තුවාල කරුවන් කිහිප දෙනෙකු රෝහල් ගත කර තිබේ. හානි වි ඇති නිවාස සංඛ්‍යාව 80කට අධික බවත් එයින් කිහිපයක් මුලුමනින්ම විනාශ වී ඇති බවත් වාර්තා වෙයි.පොලිසිය මැදිහත්වී ජනතාව ඉවත් කරමින් සිටියි. විපතට පත්වූවන්ට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව යොදා ගන්නා ලෙස ජනපතිවරයා නියෝග කර තිබේ.
කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් නාය ගොස් තිබේ. අද (14දා) කුණු කන්ද නාය ගොස් තිබේ. එයින් නිවාස කිහිපයකටද හානි සිදුව ඇත. මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව ප්‍රදේශයේ ජනතාව දිගින් දිගටම පසුගිය කාලයේදී විරෝධය එල්ල කළේය.