ඩෙබී සුළි කුණාටුව හේතුව මේ වන විට නවසීලන්තය දෙසට ගමන් කරන හෙයින් වසර 500කට පමණ පසුව නවසීලන්තයට බලපා ඇති දැරුණු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ.
නවසීලනත්යේ උතුරු දූපතට ඩෙබී සුළි කුණාටුව බලපෑම් කරමින් තිබෙන අතර දින දෙකක් පුරාවට පැවැති වර්ශාව හේතුවෙන් උතුරු දූපතේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටව තිබේ.
නවසීලන්තයේ එඩ්ගෙකුම්බේ නගරට සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක් ඇතිව තිබේ. ගංවතුර තත්ත්වය හේතුවෙන් කිසිවෙකුත් ජීවිතක්ෂයට පත්ව නොමැත. කෙසේ වෙතත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.