එකසිය හය හැවිරිදි විශ්රාමලත් රාජ්ය සේවකයකු මතුගම පැලවත්ත එකේ කණුව ප්රදේශයේ පදිංචිව සිටියි. ඩබ්ලිව්. ඒ. ලිවේරිස් මහතා ඔහුය.
සත්දරු පියෙකු වන ඔහු මේ වනවිට සිය වැඩිමහල් පුතු වන විශ්රාමලත් විදුහල්පති ඩබ්ලිව් ඒ.ඥානවිමල මහතාගේ නිවසේ දිවි ගෙවයි.
1911 නොවැම්බර් 23දා උපත ලබා ඇති ලිවේරිස් මහතා 1950 වසරේ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවයට බැඳී ඇත.
නියමිත කාලසීමාව එහි සේවය කිරීමෙන් අනතුරුව දැනට වසර 52ක් තිස්සේ විශ්රාමිකව කල් ගෙවයි.
මේ වන විට දරු මුනුබුරන් පරපුර 52 ක් වන ලිවේරිස් මහතාගේ සිය මතකය මෙසේ අවදි කළේය
“මම ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණේ පැලවත්ත හරහා දකුණු පළාත් සම්බන්ධවෙන පාර හදන කොට. ඒ කාලේ හුඟාක්ම තිබුණේ ශ්රමයෙන් කරන වැඩ. අද වගේ යන්ත්ර හැම එකටම නැහැ. පාරේ වැඩ වලින් පස්සේ අපට මහවිලච්චිය අලුත් ඉඩම් වැඩවලට යන්න වුණා. එතැනින් අනුරාධපුර කතරගම වනාතවිල්ලුව ආදී ප්රදේශ රැසක කටයුතුවල නිරත වුණා.
දැන් ඉතින් හැමදේම වෙනස්. අපේ කාලේ අපි යමක් කළා. ඒවායේ මතකය විතරයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. රට හුඟාක් දියුණු වෙලා. හැම තැනම පාරවල්. ඒ කාලේ දවසක් ගත වෙච්ච ගමන දැන් පැය දෙකට යන්න හැකියි .ඒ දියුණුව ගැන සතුටුයි.
මගේ දරුවො ගැනත් දරුවන්ගේ දරුවෝ ගැනත් මට හුඟාක් සතුටුයි. ඒ හැම කෙනෙක්ම සමාජයේ හුඟාක් ඉහළ තැන්වල ඉන්නවා .”
(වලල්ලාවිට විශ්ව ගැමුණු ප්රියංකර)
