ව්‍යාජ ආකාරයෙන් ක්වෙට්හි ගෘහ සේවිකාවන් ලෙස 2003 වසරේ පිටත් කර යැවූ දැරියක වසර 14කට පසු ඊයේ (22දා) මෙරටට ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ.
මොහොමඩ් අලියාර් කයිරුහීසානම් ඇය විදෙස් ගතවන විට 14 හැවිරිදි වියේ පසුවූ අතර, ඔට්ටමාවඩ් ප්‍රදේශයේ සිය ඥතියෙකුට අයත් විදේශ රැකියා නියෝජිත ආයතනයක් හරහා ඇය විදෙස් ගතව ඇති බවට තොරතුරු වාර්තා වේ.
2006 වසර දක්වා සිය පියාට ඇය විසින් මුදල් එවා ඇති අතර, ඉන් පසු වසර 11ක කාලයක් ඇය වැටුප් නොලබා සේවය කර තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් හා කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ඇයට හිමි හිඟවැටුප් ලෙස කුවේට් ඩිහාර් පන්සියයක් හා ගුවන් ටිකට් පතක් අදාළ හාම්පුතාගෙන් අයකර දීමට සමත්ව තිබේ.
ඒ අනුව රුපියල් විසිපන්ලක්ෂ විසිදහසක මුදල විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ විසින් ඊයේ (22දා) ඇයට ලබාදෙන ලදී.
ඡයාරූප - ඉසුරු පෙරේරා