ලෝක බාලදක්ෂ කමිටුවට ප්‍රථම වරට ලාංකිකයෙක්
ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයේ වසර 105ක ඉතිහාසය තුළ ප්‍රථම වරට ලෝක බාලදක්ෂ කමිටුවට ශ්‍රී ලාංකිකයෙකු තේරී පත්වී සිටියි.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා මෙම තනතුරට පත්ව ඇති ප්‍රථම ශ්රීලාංකිකයාය.
අසර්බයිජානයේ බාකු නුවර පැවැත්වූ 41 වන ලෝක බාලදක්ෂ සම්මේලනයේ දී ඔහු 2017 සිට 2020 දක්වා කාලය සඳහා ලෝක බාලදක්ෂ කමිටුවට වැඩි ඡන්දයෙන් තේරී පත් වී තිබේ.
	1979 වසරේ දී කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්‍යාලයෙන් බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වූ ජනප්‍රිත් මහතා ජනාධිපති සම්මානය ද දිනා ඇත්තෙකි.
	ශ්‍රී ලංකාවේ දිසා කොමසාරිස් වරයෙකු ලෙස මෙන්ම පළමු වන ජාත්‍යන්තර කොමසාරිස්වරයා ලෙසද ඒ මහතා සේවය කර තිබේ.
මේ වනවිට ඔහු ආසියානු පැසිපික් කලාපීය කමිටු සාමාජික සහ ගෝලීය සහයෝගිතා කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරමින් සිටියි.
	 
  
  
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                