ලෝක පරිසර දිනය අදට (05දාට) යොදී තිබේ. බිලියන හතක ජනකායක්, එක මිහිමඬලක්, අරපරෙස්සම් වෙමු. යන්න මෙවර ලෝක පරිසර දිනයේ තේමාවයි.
1972 වසරේදී ස්වීඩනයේ පැවති පරිසර හා මානව සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ සමුළුව විසින් පරිසරයේ වැදගත්කම සහ පරිසරය රැක ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාවට පැවසීමට මෙම දිනය යෝජනා කර තිබේ.
මේ අනුව 1972 වසරේ ජුනි 05 වැනිදා සිට ලෝකයේ බොහෝ රටවල් මෙම දිනය තේමා කරගෙන පරිසරය සුරැකීමේ වැඩසටහන් සහ පරිසරයේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සිදුකරනු ලබයි.