ලංකා සහ ඇමෙරිකා මැරීන් සෙබළු අතර ඒකාබද්ධ පුහුණුවක්
ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘කොම්ස්ටොක්’ යුද නෞකාවෙන් දිවයිනට පැමිණි මැරීන් සෙබළුන් සමග එකාබද්ධව ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භටයන් සහ වෛද්‍ය අංශයේ නාවික පුද්ගලයින් විශේෂ පුහුණු වැඩසටහන් කිහිපයක් ආරම්භ කර තිබේ.
පුහුණු වැඩසටහන් මාලාවේ පළමු අධියර ලෙස ඇමරිකානු මැරීන් බළකා සෙබළුන් විසින් ‘කොම්ස්ටොක්’ යුද නෞකාවේදී මෙහෙයුම් සඳහා භාවිතා කරන යාත්‍රා සහ රථ වාහන පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් භටයන් දැනුවත් කරන ලදී. ඉන් අනතුරුව අවි රහිත සටන් ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ ක්‍රියාකාරකම් කිහිපයක්ද මෙහිදී සිදු කෙරිණි.
ඛණ්ඩ අවි පුහුණුව යටතේ ඇමරිකානු මැරීන් බළකා සෙබළුන් විසින් මූලික අවි හැසිරවීම, අවි සරඹ පිළිබඳව මෙරට මැරීන් සෙබළුන් දැනුවත් කෙරුණු අතර, භූමියේ ගමන් කිරීම පිළිබඳ ක්‍රියාකාරකම් සහ දැනුවත් කිරීමක් ද මෙයට සමගාමීව සිදු කරන ලදී. මෙම වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා මැරීන් බළකායට අයත් නිලධාරීන් 05 දෙනෙකු සහ නාවිකයන් 146 දෙනෙකු සහභාගි විය.
දෙරටේ මැරීන් බළකා අතර, පුහුණු සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් කිහිපයක් 30 වන දින තෙක් පැවැත් වීමට නියමිත අතර, අනතුරුව‘කොම්ස්ටොක්’ නෞකාව 31දා දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

