රනිල්ට සහාය දෙන්නැයි සජිත් කියයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශීර්වාදය ඇතිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රට සංවර්ධනය කිරීමට ගන්නා උත්සාහයට සියලුම දෙනාගේ සහයෝගය අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.
ජනමතයට ගරු කර රට සංවර්ධනය කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා අද (15දා) පැවැති විරෝධතා රැලියේදී නියෝජ්‍ය නායකයා මේ බව සඳහන් කළේය.
රාජපක්ෂ ජුන්ටාව සහ ඒ වටා සිටින පිරිස් වර්තමාන ආණ්ඩුව රට තුළ සිදුකරන ආර්ථික සමාජය සහ සංස්කෘතික දියුණුවට අකුල් හෙළමින් සිටින බවද ඔහු පවසා සිටියේය.
රට භාරගැනීමේදී භාණ්ඩාගාරය හිස්වී තිබූ බවත්, රට ණය අගුලකට ලක්කර තිබූ බවද නියෝජ්‍ය නායකවරයා සඳහන් කළේය.
මේ නිසා භාණ්ඩාගාරය ශක්තිමත් කර ණය උගුලෙන් බේරෙන තෙක් ජනතාව යම් කාලයක් ඉවසාගෙන සිටිය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
මෙම විරෝධතා රැලියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද සහභාගී වී සිටියහ.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

