‘ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය එපා - රණවිරු දඩයම නවතනු’ යන මැයෙන් රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කළ මහජන පෙත්සමක් රජයට ඉදිරිපත්කිරීමට අත්සන් ලබාගැනීම අද (08දා) කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී ආරම්භවිය.
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා අත්සන් ලබාගැනීම ආරම්භ වූ අතර, ඒසඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.