යාල ජාතික වනෝද්‍යානයේ සිටි විශාලම ඇතා වූ තිලක් නැමැති හස්තියා වනෝද්‍යානයේ සිටි තනිදළයා නමින් හඳුන්වන ඇතෙකු පහරදීමෙන් අද (14දා) සවස මියගොස් තිබේ.
මියයන විට එම ඇතාගේ වයස අවුරුදු 50-60 අතර පැවති බව වනජීවී පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පශු වෛද්‍යවරයා ප්‍රකාශ කළේ මෙම ඇතාගේ වයස හේතුවෙන් ප්‍රහාරයෙන් මිදීමට හෝ ප්‍රතිප්‍රහාර දීමට අපහසුවන්නට ඇති බවයි. ප්‍රහාරයෙන් ඇතාගේ උදරයට හානි සිදුවීමෙන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.