ඡයාරූප ශිල්පීන්ට කලාතුරකින් දැකිය හැකි දිවියන් හතරදෙනෙකු එකට සිටින විශේෂ අවස්ථාවක් යාල ජාතික උද්‍යානයේ දී සංචාරකයින්ගේ නෙත ගැටුණි.
යාල ජාතික උද්‍යානයේ කොමා වැව ආසන්නයේදී එකට සිටි මෙම දිවියන් හතර දෙනා දැකිය හැකි වූ අතර ඊට නුදුරින් තවත් දිවියෙකු ලැග සිටි අයුරු ද දක්නට ලැබුණි .
ශ්‍රී ලංකාවට ආවේණික වූ මෙම දිවි විශේෂය මේ වන විට වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ව විශේෂයකි. යාල, විල්පත්තු වැනි වනෝද්‍යාන තුළ පමණක් දුලභව දක්නට ලැබෙන මෙම දිවියන් යාල සිටින්නේ 55 ට ප්රමාණයකි.