වාද්දුව, පොතුපිටියේ සංඝානන්ද දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් මාතර සිට කොළඹ බලා යන දුම්රියෙහි ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් පස් දෙනාම ජීවිතක්ෂයට පත්වූහ.දුම්රියේ ගැටුණු රථය මීටර් 500 ක් පමණ ඈතට විසිව ගොස් ඇතැයි වාද්දුව පොලීසිය පවසයි. මියගිය සියලු දෙනාම වස්කඩුවේ පදිංචිකරුවන් බවද සඳහන් වේ.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ කුඩා වස්කඩුව පදිංචි කරුනාමුනි කොල්වින් ද සිල්වා(60),ගාලුපාර වස්කඩුව පදිංචි කරුනාමුනි පියල් ද සිල්වා(49), කුඩා වස්කඩුව පදිංචි කරුනාමුනි චන්ද්‍ර ප්‍රේමලාල් ද සිල්වා(53), බණ්ඩාරගම පාර කුඩා වස්කඩුව පදිංචි සී.චන්ද්‍ර සිල්වා(45) සහ සංසර ස්ටුඩියෝ වාද්දුව පදිංචි දුමින්ද යාපා(43) නමැති අය බව පොලීසිය සඳහන් කරයි. මෘත ශරීර පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද (28දා) සිදුකිරීමට නියමිතය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ