ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
(NEW PICTURES) මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් විපතට පත්වූ සියලු දෙනාට හා එහි ජීවත්වන සියලු දෙනාට නිවාස ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මීතොටමුල්ලේ සංචාරයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එළැඹෙන මැයි, ජුනි හා ජුලි මාස වලදී නිවාස ලබාදීමටට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
“මෙයින් ආපදාවට ලක්වූවන්ට සහ මෙහි ජීවත් වන සියලුදෙනාට නව නිවාස ලබාදීමට දැනට අප කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව ලබාදිය හැකි නිවාස හඳුනාගෙන ද තිබෙනවා. මැයි, ජුනි සහ ජූලි මාස වන විට එම නිවාස ලබාදීමට හැකියාව ලැබෙනවා. ඒවනතෙක් මෙම ජනතාවට රැඳීසිටීමට තාවකාලික ස්ථාන සහ අනෙකුත් පහසුකම් ලබාදීමටත් කටයුතු කරනවා. මේ වන විට ජනතාවට සිදු වූ හානිය පිළිබඳ තක්සේරු කිරීම් සිදුවනවා. සිකුරාදා දිනය වන විට එම තක්සේරු කිරීම්වල අවසන් වාර්තාව ලබාගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
මෙම කුණු කන්ද තවදුරටත් මෙම ස්ථානයේ නොතබන බවත්, එය මෙම ස්ථානයෙන් ඉවත් කරන බවත් මා පවසනවා. කොළොන්නාවේ ජනතාවට පමණක් මෙම කුණු කන්දේ බර දැරිය නොහැකියි. කොළඹ නගරයට දිනකට ලක්ෂ 20 ක ජනතාවක් පැමිණෙනවා. ලක්ෂ 7 ක ජනාතව කොළඹ නගරයේ ජීවත් වනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් වෙනත් රටවල මෙන් පරිසරයට හානියක් නොකර කුණු ප්රශ්නය සඳහා විසඳුමක් සෙවීමට අපි ක්‍රියා කරනවා.
මේ ගැටලුවට විසඳුමක් තිබිය යුතුයි. මේ ගැටලුව විසඳීම සඳහා පෙර සිටම අප විවිධ පියවර ගණනාවක් අනුගමනය කළා. ඇතැම් තීරණ ගැනීමට අප ප්‍රමාද වුණා. අවසානයේ ජීවිත ගණනාවක් අපට අහිමි වුණා.
එම වගකීම අපත් භාරගත යුතුයි. ඒ වගේම සමාජයත් ඒ වගකීම භාරගත යුතු වනවා. කෙසේ හෝ මේ ප්රශ්නය විසදා මේ අවට ප්‍රදේශයේ ජීවත්ව සිටින අයට මින් ඉදිරියට ඔවුන්ගේ එදිනෙදා ජීවිතය සාමාන්‍ය ලෙස ගෙවීමට හැකි වන පරිදි පසුබිම සකස් කර දිය යුතු වනවා.”
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd