www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
කොළඹ -අවිස්සාවේල්ල මාර්ගයේ මීතොටමුල්ල හංදියේ අද (06දා) පැවැත්වෙන මහජන උද්ඝෝෂණයක් හේතුවෙන් මේ වන විට එම ප්රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වැල්ලම්පිටිය පොලීසිය පවසයි.
මේ හේතුවෙන් වෙනත් විකල්ප මාර්ග ලෙස දෙමටගොඩ සමන්තා හෝල් හංදියෙන් වමට හැරී දෙමටගොඩ පැත්තෙන් කොළොන්නාව හංදියෙන් වැල්ලම්පිටිය හංදියට පැමිණ අවිස්සාවේල්ල දෙසට ඇතුළු විය හැකිය.
තවද අවිස්සාවේල්ල දෙස සිට පැමිණෙන වාහන වැල්ලම්පිටිය හංදියෙන් වමට හැරී කොළොන්නාව හංදියෙන් දෙමටගොඩ දෙසට ගොස් කොළඹට ඇතුළුවිය හැකි බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව ඉහත විකල්ප මාර්ග භාවිත කර රථවාහන තදබදය අවම කිරීමට සහාය වන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd