මාවුස්සාකැලේ ජල මට්ටම අඩි 78ක් පහතට
ප්රමාණවත් වර්ෂාව නොලැබීම හේතුවෙන් මස්කෙළිය, මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම් මේ වනවිට ඉතා ශීඝ්රයෙන් පහත බසමින් පවති.
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද (23දා) පෙරවරුව වනවිට පිටාර මට්ටමේ සිට අඩි 78ක් පහත බැස ඇති බවත්, එය ජලාශයේ සමස්ත ජල ධාරිතාවෙන් 60% කට වඩා වැඩි බවද ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
කසල්රී ජලාශයේ ජල මට්ටම අද (23දා) පෙරවරුව වනවිට පිටාර මට්ටමේ සිට අඩි 33 ක් පහත බැස ඇතැයිද එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.
මාවුස්සාකැගේ ජලාශයේ ජලය පිරුණු විට සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 95,300 ක් පමණ වේ.
පැරණි මස්කෙළිය නගරයේ ජලයට යටවී තිබූ සියලු ආගමික සිද්ධස්ථාන මේ වනවිට ජලයෙන් සම්පූර්ණයෙන් මතුවී ඇති අයුරු දැක ගත හැකිය. ඒ අතර බෞද්ධ විහාරය සමග සමාධි බුද්ධ ප්රතිමාව, බෝධිය, ශ්රී කදිරේෂන් හින්දු කෝවිල, ඉස්ලාම් පල්ලිය හා පුල්ලෙයාර් කෝවිල, සම්පූර්ණයෙන් ගලෙන් නිම කර ඇති ගල් පාලම මේ වනවිට ජලයෙන් ගොඩ වී ඇත.
(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

