ADA
www.ada.lk
2025 ජුලි මස 02 වන බදාදා
නල්ලතන්නි පොලිස් වසමට අයත් පික්ෆිල්ඩ් වතුයායේ ඉදිකිරීමට යෝජිත නිවාඩු නිකේතන භූමිය හා එම වතුයාය නැරඹීමට එම වතුයායේ පාලන අධිකාරිය මගින් ඊයේ (02දා) මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබාදෙනු ලැබුහ.
නල්ලතන්නිය නගරයේ සිට කිලෝමීටර් දහයක් පමණ එපිටි වූ මාවුස්සාකැලේ ජලාශයට ගලාබසින ගාඩ්මොර් දිය ඇල්ල සහ මරේ දිය ඇල්ලට ඉදිරියෙන් මෙම නිවාඩු නිකේතනය ඉදිකිරීමට එම වතුයාය අයිති සමාගම විසින් අඹගමුව ප්‍රාදේශීය සභාව මගින් අවසර ගෙන ඇත්තේ. ඩු
බායි රාජ්‍ය‘යේ අයිතිකරුවෙකුට අයත් මෙම ඉඩම තුන්වැනි ගැනුම්කරු ලෙස මීට සිව් වසර ප්‍රථම නව අයිතිකරු විසින් ලබාගත් බවත්, ඔහු ඇතැම් අවස්ථාවල හෙලිකෝප්ටර් මගින් පැමිණෙන නිසා ගුවන් පථයක්ද ඉදිකල බවයි එම වතුයායේ වතු අධිකාරි දිෂාන් සෙනවිරත්න මහතා කීහ.
නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා තිබු පැරණි නිවාඩු නිකේතනය කඩා ඉවත් කළ බවයි ඔහු පවසන්නේ. මෙම නිවාඩු නිකේතනය ඉදිකිරීමට විරුද්ධව වන ඕනෑම අයෙකුට තම වතුයායට පැමිණ පරීක්ෂා කරබැලිය හැකි බවද දිල්ෂාන් සෙනවිරත්න මහතා කියයි.
ශ්‍රී පාදස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයට අයත් වන අතර තම සමාගම විසින් ඉදිකිරීමට යෝජිත නිවාඩු නිකේතනය ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ බවත්, ඒ තුළින් එම නිවාඩු නිකේතනය ශ්‍රී පාදස්ථානය සම්බන්ධ කරගනිමින් විරුද්ධ වන්නේ කුමන පදනමින්ද යන්න වතු අධිකාරිවරයා ප්‍රශ්න කරයි.
මධ්‍යම පරිසර අධිකාරිය මගින් ඉදිකිරීමට යෝජිත නිවාඩු නිකේතනයේ වැඩ ආරම්භ නොකරන ලෙසට මේ වනතෙක් ලිඛිතව දැනුම්දී නොමැති බවද වතු අධිකාරිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd