ADA
www.ada.lk
2026 ජනවාරි මස 09 වන සිකුරාදා
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දළදා කරඬුව වැඩමවන නැදුන්ගමුවේ රාජා දළ ඇතු අද (07දා) මහනුවරට ශ්‍රී දළදා මාලිගයට ළඟා වීමට නිවමිතය.
නැදුන්ගමුවේ රාජා පසුගිය (31දා) සිට ගම්පහ නැදුන්ගම්වේ සිට පා ගමනින්ම ගමන් අරඹා හිඟුල මාවෙල පුරාණ විහාරයට පැමිණ දිනක් ගිමන් හැරීමෙන් අනතුරුව අද උදෑසන පිරිත් සජ්ඣායනා කර පිරිත් නූල් ගැටගසා පලතුරු ආදියෙන් සංග්‍රහ කිරීමෙන් පසු මහනුවර දළදා මාලිගාව බලා පිටත් විය.
දළදා මාලිගාවට පැමිණෙන නැදුන්ගමුවේ රාජාට මග දෙපස සිටි බැතිමතුන් විසින් ගරු බුහුමන් දැක්වීමද විශේෂත්වයකි. මේ අතර මෙවර දළදා පෙරහැරට සහභාගිවීමට පා ගමනින්ම පැමිණෙන එම හස්තියාට තිරසාර සම්පත් හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් පොලිස් හා හමුදා ආරක්ෂාව ලබාදී තිබුණි.
popular news
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
ඉන්ධන මිල ඉහළට
නවීන්ට එජාපයේ ලොකු පුටුවක්
ලංකාවට තවත් ජර්මන් ටෙක් ආයතනයක්
මුස්ටෆිසූර් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කිරීමට එරෙහිව බංග්ලාදේශය ප්‍රතිචාර
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd