www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ගංවතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් කොළඹ විශාඛා විද්යාලයේජ්යෙෂ්ඨ ශිෂ්‍යනායක කණ්ඩායම එකමුතුවෙන් රුපියල් ලක්ෂ පහක පමණ වටිනාකමකින් යුතු ආහාර, ඇඳුම් පැලඳුම් හා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් අවතැන්වූවන්ට ලබාදීම බුලත්සිංහල පරගොඩ විහාරයේදී සිදුකෙරුණි.
විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යනායිකාව වන ලක්ෂි රණසිංහ ශිෂ්‍යාව ඇගේ පියාණන්වන බටහිර ආඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතාගේ සහායෙන්මෙම සද්කාර්ය සිදුකළාය.
මෙහිදී යුද හමුදානිලධාරීන්ගේ සහයෝගයෙන් භූම් ට්‍රක් යන්ත්‍ර මගින් අතිදුෂ්කරව තිබූ මෙම ස්ථානයටම ළඟාවීමෙන් අනතුරුව ජරගොඩ ගම්මානයේ සියලුදෙනාටභාණ්ඩ බෙදාදීමට කටයුතු කරන ලදී.
ලක්ෂි ශිෂ්‍යාවගේ මෑණියන් වන විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඉරෝමි රණසිංහ මහත්මියද මේ සඳහා එක්ව සිටියාය.විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනී සඳමාලි අවිරුප්පෙරුම මහත්මිය සහ ශිෂ්‍යනායිකා මණ්ඩලය භාර ආචාර්ය මණ්ඩලය මේ සඳහා මහත් කැපවීමකින් කටයුතු කර තිබුණි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd