බංග්ලාදේශයේදී ජනපතිට ඉහළ පිළිගැනීමක්
බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවකට අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13දා) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟාවිය.
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා බංග්ලාදේශයේ සිදුකරන පළමු සංචාරය මෙය වන අතර, ජනාධිපතිවරයා වෙත ඉහළ පිළිගැනීමක් ලබාදීම වෙනුවෙන් එරට රජය සියලු කටයුතු සූදානම් කර තිබිණි.
ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපතිවරයා බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ආචාර වෙඩි මුර 21ක් සහිත හමුදා උත්තමාචාර පිරිනමමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදුවිය.
එමෙන්ම ශ්‍රී ලංකා - බංග්ලාදේශ ජාතික ධජවලින් ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ සරසා තිබුණේද දෙරටේ හෘදයාංගම මිතුදම මැනවින් විදහා දක්වමිනි.
බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ මැති ඇමතිවරු පිරිසක්ද ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.
අමාත්‍ය රවි කරුණානායක, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, වසන්ත අලුවිහාරේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුද මෙම සංචාරයට එක්ව සිටිති.
	
 
 
 
 
 
 
 
 
 
 
 
 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                