www.ada.lk
2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා
ජනතාවට ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ප්‍රමාදයන් සිදුවුවත්, ජනතාවට පොරොන්දු වූ ආකාරයටම අල්ලසට දූෂණයට හා වංචාවට තිත තැබීම සඳහා ක්‍රියාත්මක වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
අදට (09දා) යෙදී තිබූ ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුමට සහභාගීවෙමින් මේ බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, අල්ලස, දූෂණය, වංචාව රට තුළින් තුරන් කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවයි. අල්ලස, දූෂණය හා වංචාව පිටුදැකීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අවශ්‍ය බලතල තවත් අවශ්‍ය නම් එයද පාර්ලිමේන්තුව හරහා ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
දූෂණ විරෝධී දිනයට සමගාමීව අල්ලස, දූෂණය පිටුදකිමු තේමාව යටතේ පා ගමනක් පැවැත්වූ අතර, අල්ලස, දූෂණය පිටුදැකීමට කටයුතු කළ පුද්ගලයන් වෙනුවෙන් ට්‍රාන්ස්පෙරෙන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ලබාදෙන සුපිළිපන් ප්‍රණාමය මෙවර ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාට හිමිවිය.
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
ඉන්ධන මිලට රජයෙන් සහනයක්
වැඩමුළුවකට ආපු දකුණු අප්‍රිකානු ජාතිකයෙක් අතුරුදන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd