පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාව බි්රතාන්යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ බකිංහැම් මාලිගාවේ දී අභිමානවත් අයුරින් පැවැත්වූණු අතර, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතාද එම අවස්ථාවට එක්විය.
බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ මහත්මිය විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබුවාය
“පොදු අනාගතයක්“ තේමාව යටතේ පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුළුව අදින් ඇරඹෙන අතර සෞභාග්‍යය, සුරක්ෂිත බව, සාධාරණත්වය, තිරසර බව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.
ජනපති පොදු රද මඩුළු විධායක සභාවට එක්වෙමින්
පොදු රඳ මඩුළු රාජ්‍ය නායක සැසියේ සමාරම්භය
සුනිල් ජයසිරි (එංගලන්තයේ ලන්ඩන් නුවර සිට)