පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් 69 දෙනෙකුගේ සේවාකාලය වසර 05 ක් සම්පූර්ණ වී තිබේ.
මේ මේ වන විට මෙම 69 දෙනාටත් විශ්‍රාම වැටුපට හිමිකම් කීමට හැකියාව ලැබී තිබේ.
අප්‍රේල් 22 වැනිදාට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මෙම සියලුමදෙනාට විශ්‍රාම වැටුප අහිමිවීමේ අවදානමක් ඇතිවී තිබුණි. එහෙත් මේ වනවිට එම තත්ත්වය පහව ගොස් තිබෙන අතර, මේ නිසා ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් අවස්ථාව උදාවී තිබේ.