පනාගොඩ ශ්රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ ඉදිකෙරුණු අඩි 80 ක් උස රණවිරු ස්මාරකය විවෘත කිරීම ඊයේ (26දා) පෙරවරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රදානත්වයෙන් පැවැත්විණි.
1900 වර්ෂයේ සිට 2009 වසර දක්වා ශ්රී ලංකා පාබල හමුදාවේ සේවයේ නිරතව සිටියදී මියගිය සාමජිකයින් 3868 දෙනෙකගේ නම් ඇතුළත් කොට අඩි 80 ක් උසැති මෙම ස්මාරකය ඉදි කොට ඇත.
රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තබමින් ජනාධිපතිතුමා මියගිය රණවිරුවන් වෙත සිය උපහාරය පුද කරන ලදී.
කදවුරු භූමියේ ඉදිකොට ඇති සෙබළ ජීවිතය නම් වූ කෞතුකාගාරය සහ රාම රාවණා ගැටුමේ සිට අවසන් මානුෂීය මෙහෙයුම දක්වා යුද්ධයේ විකාශනය නිරූපිත උමං මාර්ගය නිරීක්ෂණයට ද ජනාධිපතිතුමා එක්විය.