ADA
www.ada.lk
2025 ජුලි මස 02 වන බදාදා
පසුගිය ජනපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ද ප්රචාරක කටයුතු කළ පාර්ශ්ව විසින් ඔහුගේ රුව රැගත් පෝස්ටර් සෑම තැනකම සවි කිරීම පොදුවේ මහ ජනතාවගේ අප්‍රසාදයට ලක්විය. ජනපතිවරණයේ ඔහු පරාජය වීමට බල පෑ කාරණා අතර එහි බලපෑමද අඩු වශයෙන් තිබෙන්නට ඇත. ඒ පිළිබඳව එල්ල වූ චෝදනා වලදී හිටපු ජනපතිවරයා එවකට ප්‍රකාශ කළේ මෙම පෝස්ටර් හා කටවුට් සවි කිරීම පිළිබඳව තමන් නොදැනුවත් බවයි. එසේම එය තමාට සුබ පතමින් විවිධ පිරිස් විසින් සිදුකළ ක්‍රියාවක් බවත් ඔහු පැවැසීය.
එවකට පොදු අපෙක්ෂකව සිටි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මැතිවරණ ව්‍යාපාරයේදී පෝස්ටර් හා කටවුඩ් සඳහා යන වියදම වකුගඩු අරමුදලට බැරකරමින් රටට ආදර්ශයක් සපයනු ලැබීය. ඊයේ (02දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සරය සැමරූ අතර අද (03දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ම දිනයද වෙයි.
මේ සඳහා සුබ පතමින් කොළඹ නගරයේ විවිධ ස්ථාන වල කටවුට් සවිකර තිබෙන අයුරු 'අද' කැමරාවේ මෙසේ සටහන් විය. ඇතැම්විට මෙම කටවුට් සවිකිරීම පිළිබඳව ජනපතිවරයාද නොදැනුවත් විය හැක. ඒ වා විවිධ පාර්ශ්ව විසින් ජනපතිවරයාට සුබ පතා සවිකර තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැකි වුවත් අවසානයේදී එයින් හානි වන්නේ ජනපතිවරයාට බව මෙවැනි දෑ සිදුකරන පාර්ශ්ව විසින් අවධානය යොමු කළ යුතු බව අපගේ හැගීමයි.
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd