ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
නුදුරු කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්ෂයේ තරුණයන් නායකත්වය ගතයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02දා) පැවසීය.
මේ වසරේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් වන්නැයි තරුණ පෙරමුණේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සමුළුව අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
''ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ පොදු ජනතාවට අද විවෘතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ රටේ තරුණ ජනතාවට විවෘතයි. ඒ සඳහා කිසිදු බාධාවක් නැහැ. ඒ සඳහා කිසිදු වෙන් කිරීමක් නැහැ. ඒ සඳහා කිසිදු අභියෝගයක් නැහැ. අපි එකතු වුණොත් මේ ගමන ජයගන්න ස්ථිරසාරව පුළුවන්. මේ පක්ෂය තුළ වැඩ කරන නව පරපුරට, පොදු මහජනතාවට, මේ පක්ෂයට එකතු වෙන ඕනෑම අයෙකුට තමන්ගේ හැකියාවන් අනුව ඉදිරියට යන්න පුළුවන්. ඔවුන්ගේ දක්ෂතාව අනුව අනාගත ආණ්ඩුවක් හදන්න අපි සියලු දෙනාම කැපවෙමු.
මගේ පුතා මේ ශාලාව තුළ ඉදිරියේ වාඩි වී සිටිනවා. ඔහු වේදිකාවේ නැහැ. ඔහුට තරුණ සංවිධානයේ තනතුරු දීලා නැහැ මං. ඔහුට මං බළකායන් බාර දීලා නැහැ. මේ පක්ෂයේ සභාපති ධුරය මං බාරගත්තේ මගේ පවුලේ කිසිවෙකුටත් ඔටුනු පලඳන්න නොව මේ රටේ පොදු ජනතාවගේ ගමන්මග ශක්තිමත් කිරීමටයි.
මේ රටේ වාම ප්රගතිශීලී ආණ්ඩුවක් බිහි කිරීමට කැමැත්ත තියෙන සියලු දෙනා එකතු කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නුදුරු කාලයේදී ආණ්ඩුවක් හදන්න පුළුවන්. ඒ සඳහා තරුණයන් පක්ෂය, තරුණ සංවිධානය බාරගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභිමානවත් ලෙස වැටි වැටී නැගිට ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. අපට සාමූහිකව ශක්තිමත් වුවහොත් කළ නොහැකි දෙයක් නැහැ.
අපි පක්ෂය ගම නගරය තුළ විවෘත කළ යුතුයි. පක්ෂයේ ගමන් මාවතට සියලු දෙනා ඒකරාශී වියයුතුයි. මම වීශ්වාස කරනවා මේ වසර තුළ පළාත් පාලන මැතිවරණය පවත්වන්න පුළුවන්කම ලැබේවි කියලා. මේ සියලු තරුණ දරුවන් පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂයන් ජයග්‍රහණය කරවීමට නොව අපේක්ෂකයෙක් වෙලා එහි නායකත්වය අරගෙන පක්ෂය ජයග්‍රහණය කරවන්න.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මම මේ වනවිට අවුරුදු 50කට ආසන්න කාලයක් කටයුතු කර තිබෙනවා. පක්ෂ ඉතිහාසය තුළ උතුරු නැගෙනහිර දමිළ හා මුස්ලිම් පිරිසක් දකුණේ තරුණයන් සමග එක්ව සමුළුවක් සාර්ථක කරපු පළමු ඓත්හසික අවස්ථාව මෙයයි.
ආණ්ඩුවේ ගමන්මග නිවැරදි කරන්න තරුණ සමුළුව ඉතා වැදගත් වුණා. වංචාව, දූෂණය, හොරකම, නාස්තිය පිටුදැකීම සඳහා මේ රටේ පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් තියෙන්න ඕන. මේ රටේ ජනතාවට සහ තරණයන්ට දේශපාලන පිපාසයක් තිබෙනවා. මේ රටේ අවංක දේශපාලන ව්‍යාපාරයක පිපාසයක් තිබෙනවා.
මම කවුරුවත් හොඳ කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. කවුරුවත් නරක කරන්නත් බලාපොරොත්තු වෙන්නෙ නෑ. පොදු දේපොළ මංකොල්ලකනවා නම් මොන පක්ෂය් වුණත් ගතයුතු තීරණය මං ගන්නවා'' යනුවෙන් පවසා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප -ඉසුරු පෙරේරා
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
ආහාර මදවි වන අලියා ලොරියක් පෙරළයි, කාන්තාවක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd