කටුනායක ගුවන්තොටුපළේ නවීකරණය කරන ලද ගුවන් ධාවන පථය අද (06දා) විවෘත කරනු ලැබූ අතර, ඒ අවස්ථාව සනිටුහන් කරමින් අද දහවල් 12.37ට ශ්රී ලංකන් එයාර්ලයින් UL – 1162 දරණ ගුවන් යානය ඉන්දියාවේ සිට දිවයිනට පැමිණියේය.
ඒ අනුව අද දින සිට නැවත වරක් පැය 24 පුරා එම ධාවන පථය විවෘතව පවතින බව කටුනායක ගුවන්තොටුපළ බලධාරීහු සඳහන් කරති.
මේ නවීකරණයත් සමග දැනට ලෝකයේ පවතින ඕනෑම ගුවන් යානයක් අපහසුවකින් තොරව හැසිරවිය හැකි බව කටුනායක ගුවන්තොටුපළ බලධාරීහු පවසති.
නවීන ඩිජිටල් ආලෝක පද්ධතිය හේතුවෙන් අයහපත් කාලගුණික තත්ත්වයක් තුළද ගුවන්ගමන් කටයුතු සිදුකළ හැකි බව කටුනායක ගුවන්තොටුපළ බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
අන්ජන ශ්රී කුමාර