ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 07 වන සෙනසුරාදා
(UPDATE) නව ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාෂල් කපිල ජයම්පති මහතා අද (14දා) සිය ධුරයේ වැඩ බාර ගත්තේය. ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් රාශියක් එම අවස්ථාවට එක්ව සිටියහ. ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් උත්තමාචාර පෙළපාළියක්ද කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැතියේය.
නව ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා හෙට (14දා) නිල වශයෙන් සිය ධුරයේ වැඩ බාර ගැනීමට නියමිත බව ගුවන් හමුදා මාධ්‍ය එ්කකය සදහන් කරනවා. නව ගුවන් හමුදාපති ලෙස කපිල ජයම්පති මහතා ඊයේ (12දා) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය. ඔහු නාලන්දා විදුහලේ ආදි සිසුවෙකි.
එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති මහතා එයාර් මාෂලa තනතුරට පත්කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති වශයෙන් පත්කර තිබෙනවා. කැඩෙට් නිලධාරියෙකු ලෙස 1982 වසරේදී ගුවන් හමුදා දිවිය ආරම්භ කර ඇති කපිල ජයම්පති මහතා 1985 වසරේදී අධිකාරියට පත්ව තිබෙනවා.
වසර 34ක හමුදා දිවියේදී වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම, රණ සේවා පදක්කම යන හමුදා ක්ෂේත්රයේ ඉහළම පදක්කම් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. ඔහු කොළඹ නාලන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකුද වෙනවා.
හිටපු ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල මහතාද කොළඹ නාලන්දා විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වෙයි.
popular news
ගිය ආණ්ඩුවෙන් බාර් පර්මිට් ගත්ත අයගේ නම් පාර්ලිමේන්තුවේදී එළියට
ඇමති නිල නිවස ප්‍රතික්ෂේප කර මාදිවෙල මන්ත්‍රි නිවාසයකට යන නියෝජ්‍ය ඇමති
පොලීසිය කොස්තාපල්ට පරාදයි
රූබික් කියුබි 1200කින් ජනපතිගේ රුව සකසා වෝලන් ලෝක වාර්තාවක් තැබූ අවු. 11ක සිසුවා
සුරාබදු නොගෙවූ මත්පැන් නිෂ්පාදනාගාරයක නිෂ්පාදන කටයුතු අත්හිටුවයි
දුම්රියේ ඔන්ලයින් ටිකට් වංචාවට තිත
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd