ලොව උසම නත්තල් ගස ඉදිකිරීම නවතා දැමූවද මේ වනවිට එම ගස ඉදිකිරීම් සඳහා රුපියල් ලක්ෂ 60ක ද්‍රව්‍යමය වටිනාකමකින් යුත් මුදලක් වියදම් වී තිබේ.
අඩි 315ක උසකින් මෙම ගස ඉදිකිරීමට සැලසුම් කර තිබූ අතර, මේ වනවිට එහි අඩි 60ක ප්‍රමාණයක් ඉදිකිරීම් අවසන් කර තිබේ.
ගස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 120ක ද්‍රව්‍යමය වටිනාකමක් සහිත මුදලක් වැයවන බවට ඇස්තමේන්තු සකස්කර තිබේ. අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රකාශයක් පදනම් කරගෙන වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත නත්තල් ගස ඉදිකිරීම නවතා දැමූ බව නත්තල් ගස ඉදිකිරීමේ කමිටුව සඳහන් කරයි.
නත්තල් ගස ඉදිකිරීමට අවශ්‍ය සැකිල්ල සකස් කර අවසන් කර තිබෙන බවත්, මෙම ද්‍රව්‍යවලට සිදුකරන්නේ කුමක්ද යන්න අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ උපදෙස් මත සිදුකරන බවද කමිටුවේ සභාපති මංගල දිසානායක මහතා සඳහන් කළේය.
ඡායාරූප ළහිරු හර්ෂණ