ADA
www.ada.lk
2025 ජුලි මස 31 වන බ්රහස්පතින්දා
දේශපාලනයට පැමිණීමේ අදහසක් නොමැති බව ජනාධිපති දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය පැවසුවාය.
තමා දේශපාලනය දකින්නේ වෙනස් ස්වරූපයකින් බවත් බල අරගල හෝ පක්ෂ දේශපාලනය ඒ තුළ නොමැති බවද ඇය පැවසුවාය.
මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ චරිතාපදානය හෙවත් ජනාධිපති තාත්තා කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව පවසා සිටියාය.
රටේ පළමුවැනි පුරවැසියාගේ දරුවො වුණ අපිට මග තොට යද්දි අපිව රැස්කරගෙන අපි වටා හිඳිමින් අපිට ලබා දෙන පිළිගැනීම් සියල්ල හෙට දිනයේ තාත්තගේ තනතුරු නැතිව යන දවසට ඒ සියල්ල නැතිවී යන බව මා හොඳින් දන්නවා. ඒ ගැන හොඳින් තේරම් ගත්ත කෙනෙකුයි මම.
ඒ වගේම මම මේවිදිහට වැඩකරද්දි බොහෝ අය මගෙන් නිතරම අහනවා චතුරිකා ඔයා දේශපාලනයට එනවද කියලා
මම ඉපදුනේ දේශපාලනය වෘත්තිය කරගත් පියකුගේ වැඩිමහල් දියණිය ලෙසයි. නමුත් මම දකින දේශපාලනය දේශපාලන ක්රියාවලිය පක්ෂ දේශපාලනය හෝ පාර්ලිමේන්තුවේ කරන බල අරගල දේශපාලනය හෝ නෙවෙයි. මා දකින අදහන දේශපාලනය කියන්නේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සිදු කරන්නා වූ සේවයයි. මට හැකි පමණින් මා මියෙනතුරා මා ස්වෙච්ඡා සේවිකාවක ලෙස සිදු කරන්නා වූ සේවය සිදු කරනවා යනවා යැයි ද වැඩිදුරටත් පවසා සිටියේය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන අගමැති රනිල්වික්රමසිංහ මහත්වරන්ගේ ප්රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්වුණි.
ඡායාරූප - ඒශාන් ප්රනාන්දු
popular news
යටිනුවර ප්රා සභාවේ සජබ විපක්ෂනායක සිය පවුල පිටින්ම දිවි නසා ගනියි, කුඩා දියණියක් බේරෙයි
ළහිරු වීරසේකර අත්අඩංගුවට
අධිකරණයට ඉදිරිපත් වූ නාමල්ට ලැබුණු නියෝගය මෙන්න
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
රාහුල හිමියන්ගෙන් ඇමති ලාල්කාන්තට අභියෝගයක්
වරෙන්තුවට පෙර නාමල් මාලේ ගියේ ජනපති ගිය ගුවන් යානයේමයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd