මෙරටට පමණක් ආවේණික තේ වතු ආශ්රිතව සැරිසරන දිවියන් කිසිදු අනතුරකට භාජන නොවී මියයෑම පිළිබඳව සැකයක් පවතින බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු පවසති.
කිසිදු අනතුරකට මුහුණ නොදුන් දිවියෝ කිහිපදෙනෙක් හැටන්, වටවල, ආගරපතන, නොර්වුඩ් ප්රදේශවල මියගොස් තිබුණි. ඊයේ (08දා) දින ආගරපතන ප්ර‘දේශයේ දිවියෙකු මියගොස් සිටි අතර අද (09දා) දිනයේදීද එම ස්ථානයේම තවත් දිවියෙකු මියගොස් සිටියදී ආගරපතන පොලීසිය විසින් සොයාගනු ලැබීය.
මස් වර්ග වලට වස මුසුකර දිවියන් සැරිසරන රක්ෂිත ප්රදේශවලට දමා තිබීම හේතුවෙන් ඒවා ආහාරයට ගත් දිවියන් මෙවැනි ආකාරට ජීවිතක්ෂයට පත්වන බවට වනජීවී නිලධාරීහු සැක පළ කරති.
ගතවූ මාස හත තුළ පමණක් තේවතු ආශ්රිතව අභිරහස් ලෙස හා දඩයම්කරුවන්ගේ උගුල්වලට හසුවීමෙන් දිවියන් දසදෙනෙකු පමණ මියගොස් ඇති බවත් මේ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වන බවත් වනජීවී නිලධාරීහු පවසති.