මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර ලෝක ක්‍රිකට් පිටියේ දැවැන්තයින් ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන ක්‍රීඩකයන් තිදෙනෙකි.
ඔවුන් අතුරින් 2010 වසරේ ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදුකළ තරග සංචාරයේදී ගාල්ලේ පැවැති තරගයෙන් මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.
ඉන් අනතුරුව ඉකුත් 2014 වසරේ පාකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදුකළ ටෙස්ට් තරග සංචාරයේදී එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් සිටියෙන් සමුගත්තේය.
අවසන් වරට කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (24දා) අවසන් වූ ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේය.
මෙම සුවිශේෂී ක්‍රීඩකයන් තිදෙනා වෙනුවෙන් නිහඬ ගෞරවයක් දැක්වූ චරිතයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අදටත් ක්‍රීඩා කරයි. ඔහු ධම්මික ප්‍රසාද්ය. 2008 වසරේ සිට වේගපන්දු යවන්නෙකු ලෙස මේ දක්වා ටෙස්ට්, එක්දින හා විස්සයි20 ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ඔහු මුරලි, මහේල හා සංගා ක්‍රීඩාකළ අවසන් තරගවලදී ඔවුන් තිදෙනාම තම කර මතින් ගෙන පිටිය වටා ගොස් සිය ගෞරවය පිරිනමා ඇත.