දරුවන් පණ මෙන් සුරකිමු ජාතික වැඩසටහනේ පා ගමන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25දා) පෙරවරුවේ ආරම්භ විය.
ජාතික රූපවාහිනි සංස්ථාව විසින් මෙය සංවිධානය කර තිබූ අතර දරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම, දරුවන්ට යහපත් අනාගතයත් උරුම කරදීම සහ දරුවන් සුරකීම තේමා කර ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ශ්‍රී ලංකා රූපවාහිනි පරිශ්‍රය අසළින් ආරම්භ කෙරුණු පා ගමනට ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ළමා රක්ෂක අධිකාරිය ඇතුලු රාජ්‍ය ආයතන, ක්‍රීඩකයන්, ගුරුවරුන්, දෙමාපියන්, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන්, සරසවි සිසුන් සහ දරුවන් වෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධාන ඇතුලු බොහෝ පිරිසක් එක්ව සිටි බව ජනපති මාධ්‍ය අංශය කියය.
පණ මෙන් සුරිකිමු පුවරුවේ අත්සන් තැබීම සහ දරුවන් වෙනුවෙන් වැකියක් සටහන් කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.
ජනමාධ්‍ය ආමත්‍ය ගයන්ත කරුණාතිලක, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සුනිල් ශාන්ත, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.