ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් අත්කරදෙන දකුණු ආසියානු කලාපීය 04 වන ප්‍රසම්පාදන සමුළුව අද (20) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ කෙරිණි.
සමුළුවේ සභාපතිත්වය දැරූ බංගලාදේශය මෙවර එය ශ්‍රී ලංකාව වෙත භාරදෙමින් හිටපු සභාපති Faruque Hossain මහතා විසින් නව සභාපති පී. අල්ගම මහතා වෙත අද සභාපතිත්වය භාර දෙනු ලැබීය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ ප්‍රධානී Issa Midi lde, ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධක්ෂ Sri Widowati යන මහත්ම මහත්මීන් ඇතළු පිරිසක් සහ දෙස් විදෙස් ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.