www.ada.lk
2026 නොවැම්බර් මස 01 වන ඉරිදා
මීගහතැන්න ප්රාථමික පාසලට ළමුන් ඇතුළත් කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ නියෝජ්ය අමාත්ය පාලිත තේවරපපෙරුම, මවුවරුන් 9 දෙනා ඇතුළු 13 දෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට මතුගම මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
එසේම සෑම මසකම දිනක් මතුගම සහකාර පොලිස් අධිකාරිවරයා හමුවේ පෙනී සිටින්නැයිද සැකකරුවන්ට නියෝග කළ මතුගම මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතා සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට තොරතුරු වාර්තා වුවහොත් ඇප අවලංගු කරන බවද සඳහන් කළේය.
මේ අතර හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ මවුවරුන් 9 දෙනාම හඳුනාගැනීමට විදුහල්පතිට හා ගුරුවරුන් දෙදෙනාට නොහැකිවිය.
popular news
දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල 123ක් ධාවනයට සුදුසු නෑ
ලන්ඩන් යන්න ගිය ශ්රී ලන්කන් ගුවන් යානයේ කුරුල්ලෙක් ගැටෙයි
ජොන්ස්ටන් වරද පිළිගනියි
විශේන් හැලඹගේ පන්දු 17කදී ලකුණු 80ක් රැස්කරයි
ඊශ්රායෙල මහ මැතිවරණයෙන් කාටවත් බහුතරයක් නෑ?
දැරියක් අපයෝජනය කළ පියාට හා මවගේ අනියම් සැමියාට සිර දඩුවම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd