තිඹිරිගස්යායෙන් දුර්ලභ පක්ෂියෙකු හමු වෙයි
තිඹිරිගස්යාය සිරිපා පෙදෙසේ ගෙවත්තකින් දුර්ලභ පක්ෂියෙකු හමු වූ බව පරිසරවේදීහු පවසති. මැලේයානු රෑ කොකා (Malayan Night Heron) නමින් හඳුන්වන මෙම පක්ෂියා ගිණිකොණ දිග ආසියාවේ සිට ලංකාවට සංක්‍රමණය වන සංචාරක පක්ෂියෙකි. විශේෂයෙන් රාත්‍රි කාලයේදී ක්‍රියාශීලී වන බැවින් රෑ කොකා ලෙස හඳුන්වයි.
කිලෝමීටර දහස් ගණනක් මග ගෙවා පියාසර කිරීමෙන් වෙහෙසට පත් වීම නිසා හෙම්බත් වී සිටි පක්ෂියා ප්‍රතිකාර කිරීම සදහා කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය මගින් රැගෙන යන ලදී. ප්‍රතිකාර කිරීමෙන් පසු කොළඹ ආශ්රිත තෙත් බිමක දී මුදාහරින බව ඔවුහු කියති.
මෙම කාලවකවානුවේ ශ්‍රී ලංකාවට බොහෝ සංචාරක කුරුල්ලන්ගේ පැමිණීම සිදුවන අතර මෙසේ හෙම්බත් වුනු කුරුල්ලන් බේරා ගැනීම පිළිබද අවධානයෙන් සිටින ලෙස ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය ජනතාවගෙන් ඉල්ලා සිටියි. හෙම්බත් වුනු අවිච්චියන් කිහිපදෙනකුද පසුගිය දිනවල වාර්තා වී තිබිණ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


