එංගලන්තය හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වීම සඳහා ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. ක්රීඩකයන් ක්රිකට් ආයතනයෙන් බැහැරව යනවිට සම්ප්රදායක් ලෙස ඔවුන්ට සමුදීමට පවුල්වල සාමාජිකයන්ද එක්ව සිටියා. තුන් ඉරියව් ක්රීඩක මිලින්ද සිරිවර්ධනගේ බිරිඳ හා පුතාද එම අවස්ථාව එක්ව සිටියා. සිය පියා දෙසට අත දිගුකරගත් මිලින්දගේ පුතා 'තාත්තේ සීයයක් ගහන්න' කිවුවාදැයි දන්නේ නෑ.