රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකකරණය කිරීමට සිදුකර තිබෙන සැලසුම වහාම අවලංගු කරන ලෙස ඉල්ලා රජයේ තක්සේරු නිලධාරීන් හෝ සංගමය අද (23දා) ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක් බාරදෙනු ලැබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදෙන ලෙස ඉල්ලා මෙම සන්දේශය බාරදුන් බවද රජයේ තක්සේරුකරුවන්ගේ සංගමයේ ලේකම් ඩී.එම්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
අදාළ සන්දේශයේ පිටපතක් මුදල් අමාත්‍යවරයාට ලබාදෙන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යාංශයට බාර දීමද සිදුවිය.
තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කිරීමට සිදුකර තිබෙන සැලසුම අවලංගු කරන ලෙස ඉල්ලා රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී සත්යග්රහ ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබේ.
එම සත්‍යග්‍රහයට අද (23දා) දිනයට දින 63ක් ගතවී තිබෙන බවද එම සංගමය සඳහන් කරයි.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු