www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හා ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ මහතා අතර නිල හමුව අද (08දා) පෙරවරුවේ සිදු විය.
වසර 40 පසුව ශ්රී ලංකා රාජ්ය නායකයෙකුට ඉන්දූනිසියාවේ නිල සංචාරයක් සදහා ලැබුණු ප්රථම නිල ආරාධනය මෙය වෙයි. අද පෙරවරුවේ ඉන්දුනීසියා ජනාධිපති නිල නිවස වන මර්ඩේකා මන්දිරරයේදී මෙම හමුව පැවැත්විණ.
මෙහිදී ජනපතිවරයාට ඉතා උණුසුම් සහ සුහදශීලි පිළිගැනීමක් ලැබුණ බව ජනපති මාධ්ය අංශය නිවේදනය කරයි.ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාරද පවත්වා තිබේ. රාජ්ය නායක දෙපළ අතර සුහද හමුවෙන් පසු ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
අනතුරුව ශ්රී ලංකාව සහ ඉන්දූනීසියාව අතර අවබෝධතා ගිවිසුම් දෙකකට ද රාජ්ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd