ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
ජනාධිපති ලේකම් කාර්යාලය සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ බවත්, එහෙත් අද (18දා) සවස සාකච්ඡාවකට අග්‍රාමාත්‍ය කාර්යාලටයට කැඳවීමක් කර තිබෙන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
වැඩවර්ජනයේ නිරත තැපැල් සේවකයන් විසින් පාගමනකින් ගොස් අද (18දා) ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක් බාර දෙන ලද අතර, පසුව ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබාදුන් බව වෘත්තිය සමිති සඳහන් කළේය.
සහකාර ලේකම්වරුන් දෙදෙනෙකු සමග සාකච්ඡාවක් ලබා දුන්නද, තම ගැටලුවලට විසඳුම් නොලැබුණු බව වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කළහ.
අද (18දා) සවස අග්‍රාමාත්‍ය කාර්යාලයට සාකච්ඡාවකට පැමිණෙන ලෙස ඉල්ලීමක් ලැබී තිබෙන බවත්, එහිදී මේ පිළිබඳ සාකච්ඡා කරන බවත් තැපැල් හා විදුලි සන්දේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එච්.කේ. කාරියවසම් මහතා සඳහන් කළේය.
නව සේවා ව්‍යවස්ථාවක් සකස් කරන ලෙස ඉල්ලා සහ ස්ථිර සේවයට ඇතුළත් කර නොගත් තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථිර සේවයට ඇතුළත් කරන ලෙස ඉල්ලා පසුගිය 11 වැනිදා සිට තැපැල් සේවකයෝ වැඩවර්ජනයක නිරතව සිටිති.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
ආහාර මදවි වන අලියා ලොරියක් පෙරළයි, කාන්තාවක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd