තඹුත්තේගම ඉපිල්වත්ත ප්‍රදේශයේ නිවසට පෙරේදා 05දා රාත්‍රියේ ඇතුළුවී ඇති පාසල් සිසුන් දෙදෙනෙකු විසින් එහි නවතා තිබූ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා යතුරුපැදි දෙකකට ගිනි තබා විනාශ කර ඇතැයි පොලීසිය පවසයි.
තඹුත්තේගම ප්‍රදේශයේ විද්‍යාලයක උසස්පෙළ හදාරන සිසුන් දෙදෙනෙකු විසින් එම පාසලේ ගුරුවරයෙකු විසින් ලබාදුන් අවවාදයකට උරණ වීම නිසා එදින රාත්‍රී කාලයේදී මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි.
මෙම ගිනිතැබීමෙන් අදාළ යතුරුපැදි දෙකම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
සැකකාර සිසුන් දෙදෙනා මෙදින රාත්‍රි කාලයේ එක් සිසුවකුගේ නිවසකට වී පාඩම්කරනු ලබන බව පැවසෙන අතර එම නිවසේ මව්පියන්ට හොරෙන් ගොස් තඹුත්තේගම ඉපිල්වත්ත ප්‍රදේශයේ පදිංචි ගුරුවරයාගේ නිවසේ නවතා තිබු යතුරුපැදි දෙකට ගිනි තබා ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි.
අනතුරුව සැකකාර සිසුන්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීම්වලදී යතුරුපැදිවලට ගිනි තැබුවේ තමන් දෙදෙනා විසින් බව පිළිගෙන ඇත. එහිදී සිසුන්ගේ මව්පියන් විසින් නීති මගින් කටයුතු නොකරන ලෙස ගුරුවරයාගෙන් ඉල්ලා ඇති අතර ගිනි තැබූ යතුරුපැදි දෙකට වෙනත් යතුරුපැදි දෙකක් ලබාදීමටද පොරෙන්දු වී තිබේ.
තඹුත්තේගම නන්දන කුමාර