(UPDATE) (VIDEO) කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාරාන්තික උපවාසයේ යෙදෙන පොළොන්නරුවේ සීලවිමල හිමියන් රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙන බව සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ පැවසූහ.
ආහාර හා ජලය නොගෙන නිරාහාරව සිටින බැවින් සීලවීමල හිමියන් අසාධ්‍ය තත්ත්වයෙන් පෙළෙන බව දයාරතන හිමියෝ කීහ.
ඊයේ (18දා) සවස උපවාසය ආරම්භ කළ මොහොතේ පටන් මේ දක්වා උපවාසයේ යෙදෙන හිමිවරුන් කිසිදු ආහාරයක් නොගත් බවද උන්වහන්සේ සඳහන් කළහ.
---------------------------------------------------------------------------------------------------------------------
ගව ඝාතනයට එරෙහිව ඊයේ (18දා) සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය තවදුරටත් සිදුකරන බව උපවාසයට සම්බන්ධ වී සිටිනා මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ පැවසූහ.
ජනාධිපතිවරයාගෙන් ස්ථිර ප්‍රකාශයක් ලැබෙනතුරු මෙම උපවාසය අත්නොහරින බව උන්වහන්සේ අවධාරණය කළහ.
-------------------------------------------------------------------------------------------------------------------------
ගව ඝාතනය වහාම තහනම් කරන ලෙස ඉල්ලමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිංහල රාවය සංවිධානය විසින් පවත්වාගෙන යන උද්ඝෝෂණය, අද (18දා) සවස පොලීසිය මැදිහත්වීමත් සමග ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පත්විය.
මෙම ප්‍රවෘත්තියට අදාල වීඩියෝව පහතින් නරඹන්න..