හැටන් පොලිස් කොට්ඨාස සුනඛ අංශයේ වසර 03කට වැඩි කාලයක් රාජකාරියෙහි නිරතව සිටි කොරා සුනඛයාගේ අවසන් කටයුතු හැටන් පොලිස් නිලධාරීන්ගේ ගෞරවාචාර මැද අද (31දා) පස්වරුවේ හැටන් පොලිසියේදී සිදු කෙරිණි.
හැටන් පොලිස් කොට්ඨාස සුනඛ අංශයේ වසර 03 ට වැඩි කාලයක් සේවය කරමින් සිටි මෙම සුනඛයා පසුගිය (29දා) මහනුවර අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ පුහුණුවක් සඳහා රැගෙන ගිය අවස්ථාවේ මිය ගොස් තිබුණි.
මේ පිළිබඳ පශ්චාද් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද අතර පිළිකාවක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව එහිදී අනාවරණය වී ඇත.
පෑලියගොඩ, අම්පාර , මඩකලපුව, බණ්ඩාරවෙල යන පොලීසිවලට අනුයුත්කව සේවයේ නිතරව සිට ඇති මෙම නිල සුනඛයා අවසන් වරට හැටන් පොලිස් කොට්ඨාසයේ සේවයේ නිරත වෙමින් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට සමත්ව තිබේ.
හැටන් පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටිය , සහකාර පොලිස් අධිකාරි දසනායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.