එයාට මම නැතුව කොහෙවත් යන්න බෑ
මොවුන් අපට හමුවූයේ ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහ පෙරහර මංගල්‍යයේදීයි. වයස 70කට ආසන්න වයසැති ගුණේ නම් සුරතල් නාමයෙන් හඳුන්වන මේ අලියා සමග පෙරහරේ ගමන් කිරීමේදී සුවිශේෂී කාන්තා චරිතයක්ද ඔහු අසලින් ගමන් කරනු දැකිය හැකියි. ඥානවතී නම් වූ එම කාන්තාව නැතිනම් අලියා කීකරු මදි බව ඇයගේ සැමියා වන සරත් ගාමිණී මහතා පවසනවා.
දොම්පෙ මාපිටිගම පදිංචි සරත් ගාමිණී රාඡපක්ෂ (62) පවසන්නේ, " මට වයස 17 දී පාසල් අධ්‍යාපනය අවසන් කර ගෙදරින් පිටවෙලා දොම්පෙ උඩුමිරිස්සෙ රොමියෙල් නම් ඇත්ගොවුවා සමග එකතුවෙලා අලි බලා ගනිමින් අලියන් හැසරවීම, අලි භාෂාව ඉගෙන ගන්තා. එහෙ වැඩ කර කර ඉද්දි තමා මට ඥානවතීව හම්බ උනේ. ඔය අතරතුරේදි අපි විවාහ වුණා. ඥානවතීගේ ඉඩමෙම ගෙයක් හදාගෙන අපි ජීවත් වුණා.

ටික කාලයක් ගියාම අපි බලාගත්තු අලියා වික්කා.ඹය අතරෙ යාලුවෙක්ගෙ මාර්ගයෙන් දැනගන්න ලැබුණා අබතලේ ගොඩමුනේ මහත්තයගේ අලියෙක් ගස් බැඳල ඉන්නවා කියල. ඒ මහත්තයම මට කිව්වා අලිය බලාගන්න කියලා.අපි ඒ අලියව අරන් ආවා. ගොඩමුනේ මහත්තය කිව්වෙ අපිට අලියගෙන් කිසි දෙයක් එපා අලියව හොඳින් බලාගන්න කියල විතරයි. මේ අලිය ටිකක් දරුණුයි කියලා කිව්වා. මම මගේ නෝනට මේ බව කිව්වම එයා අලියව බලාගන්න කැමති වුණා" යනුවෙනි.
.jpg)

මහනුවර විශේෂ - චමිල් රූපසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

