www.ada.lk
2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා
උතුරේ ජලාශ බොහොමයක් වාන් දැමීම හේතුවෙන් උතුරු පළාතේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති බවත්, යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවලට වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇති බවත් යුද හමුදාව සඳහන් කරයි.
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගේ උපදෙස් මත, ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවිත ආරක්ෂක කටයුතු හා පහසුකම් සැලසීම යුද හමුදා සෙබළුන් 1,000 කට ආසන්න පිරිසක් යොදවා ඇති බව කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය සඳහන් කරයි.
ගංවතුර තත්ත්වයෙන් කිලිනොච්චියේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති කරච්චි, වඩ්ඩකච්චි, ධර්මපුරම්, පරන්තන්, අක්කරායන්කුලම්, පුනරීන්, මුක්කම්පන් හා ඉරණමඩු යන ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමටද කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන ඇත.
popular news
රු. ලක්ෂ 60ක කෙසෙල් වගාවක් කාන්තාවක් විනාශ කරයි
පාසල් සිසුන් 11ක් හා වැඩිහිටියන් තිදෙනෙකු ප්‍රවාහනය කළ ත්‍රීවීල් රථ රියදුරෙකු අල්ලයි
සතුරා ඓතිහාසික අසාර්ථකත්වයකට මුහුණ දුන්නා
ඉරානයේ කොන්දේසි මෙන්න
කොටුව දුම්රිය ස්ථානය හෙට සිට අලුත් වෙයි
ඉරාන උත්තරීතර නායකයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd