ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා
උතුරේ ජලාශ බොහොමයක් වාන් දැමීම හේතුවෙන් උතුරු පළාතේ ප්රදේශ රැසක් ජලයෙන් යට වී ඇති බවත්, යාපනය හා කිලිනොච්චි දිස්ත්රික්කවලට වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇති බවත් යුද හමුදාව සඳහන් කරයි.
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගේ උපදෙස් මත, ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින කිලිනොච්චි දිස්ත්රික්කයේ ජනතාවගේ ජීවිත ආරක්ෂක කටයුතු හා පහසුකම් සැලසීම යුද හමුදා සෙබළුන් 1,000 කට ආසන්න පිරිසක් යොදවා ඇති බව කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය සඳහන් කරයි.
ගංවතුර තත්ත්වයෙන් කිලිනොච්චියේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති කරච්චි, වඩ්ඩකච්චි, ධර්මපුරම්, පරන්තන්, අක්කරායන්කුලම්, පුනරීන්, මුක්කම්පන් හා ඉරණමඩු යන ප්රදේශවල ජනතාවට සහන සැලසීමටද කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන ඇත.
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
වරාය හා සිවිල් ගුවන්සේවා විෂය බිමල්ගෙන් ගැලවෙයි, නාගරික සංවර්ධන එක්වෙයි
ආණ්ඩුව පළමු කැබිනට් සංශෝධනය කරයි
පාස්කු ප්රහාරයේ මහ මොලකරු හඳුනාගත් බවට රවී සෙනවිරත්න තහවුරු කරයි
මාලිමාවට ඡන්දය දුන් ඇතැම් පිරිස් රජයෙන් ඈත් වෙලා
ප්රජාතන්ත්රවාදී නිදහස රැකගන්න නීතිඥයන් දාහක් කොළඹට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd