ශ්රි ලංකාවට පැමිණි ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා පුමුඛ විශේෂ පාර්ලිමේන්තු ධූත පිරිස කථානායක කරු ජයසූරිය මහතා සහ ශ්රී ලංකා - ඉරාන පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සාමාජික මන්ත්රීවරු සමග නිල හමුවීම අද (19දා) පාර්ලිමේන්තුවේදී සිදුවිය.
මෙහිදී ඉරාන කාථානායකවරයා සහ ශ්රී ලංකා කථානායකවරයා අතර විශේෂ ද්විපාර්ෂ්වික සාකච්ඡාවක්ද පැවති අතර, දෙරට අතර සංචාරක කටයුතු ප්රවර්ධනය කිරීමේ හැකියාව, ඉරානය හා ශ්රී ලංකාව අතර බහුලව සිදුවන තේ,පොහොර, පෙට්රෝලියම් ආදී වෙළෙඳ කටයුතු, ශ්රී ලංකාවේ ආයෝජන අවස්ථා මෙන්ම ඉරාන ශ්රී ලංකා අන්තර් පාර්ලිමේන්තු රාජ්ය තාන්ත්රික සබඳතා ප්රවර්ධනය කිරීම ආදිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.