ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) දහවල් ජකර්තා නුවර Soekarno Hatta ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
ඉන්දුනීසියාවට පැමිණි ජනාධිපතිතුමා ඉන්දුනීසියානු රජය වෙනුවෙන් එරට මහජන උපයෝගීතා සහ නිවාස අමාත්‍ය Basuki Hadimuljono මහතා ඇතුළු විශේෂ දූත පිරිසක් විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ බව එම අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන වී.රාධා ක්‍රිෂ්ණන්, සුජීව සේනසිංහ, දිලිප් වෙදආරච්චි යන මහත්වරුද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිති.