ඇලෝසියස් හා පළිසේන නැවතත් රිමාන්ඩ්
(UPDATE) 11.28 AM
මතභේදාත්මක බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන සැකකරුවන් නැවතත් එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
10.13 AM ඇලෝසියස් හා පළිසේන නැවතත් අධිකරණයට
මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට සැකපිට අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන සැකකරුවන් අද (05දා) නැවතත් අධිකරණයට ඉදිරිපත් කළේය.
කොළඹ කෙටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඔවුන් ඉදිරිපත් කළ අතර ඊයේ (04දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව අද (05දා) දක්වා රක්ෂිත බන්ධනාගර ගත කෙරිණි.
ඡායාරූප ශමිර රාජපක්ෂ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





