ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මාසයක පමණ කාලයක් ගත වුවද, හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් සහ නල්ලතන්නියේ ආපන ශාලාවලින් හිස්ප්ලාස්ටික් බෝතල් තිස්පන්දහසක් පරිසරයට මුදාහැර ඇතැයි අඹගමුව ප්‍රාදේශීය සභාවේ නල්ලතන්නිය උපකාර්යාලයේ ස්ථානාධිපති ඒ.ඩබ්.හේමන්ත මහතා පැවසීය.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
මෙවර වන්දනා වාරය තුළ පොලිතින් භාවිතය සියයට 20කින් පමණ පහළ බැස තිබෙනවා. ශ්‍රීපාද වන්දනාකරුවන් සහ නල්ලතන්නිය අවන්හල්වලින්මුදාහැර තිබූ හිස් වතුර බෝතල් මේ වනවිට අපගේ සේවකයන් විසින් එක්රැස් කර උපකාර්යාලයේ ගබඩාවේ ගබඩාකර තිබෙනවා.
කුඩා වතුර බෝතල් භාවිතය අවම කිරීම සඳහා නල්ලතන්නියේ පිහිටි අවන්හල් සහ සිල්ලර කඩ වෙත නැවත භාවිතයට ගත හැකි වතුර ලීටර් පහ සහිත ප්ලාස්ටික් බෝතල් පමණක් නිකුත් කරන්නේ නම් පරිසරයටමුදාහරින ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රමාණය අවම කරගත හැකියි. යනුවෙන් පැවසීය.