ලෝක සංරක්ෂණ සංගමයේ ආසියානු කළාපයේ සාමාජික රටවල් අතර පැවැති ඡායාරූප තරගයකදී සාමාජික රටවල්හි හොඳම ඡායාරූපයට හිමි සම්මානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකයේ යූ.වී. රෝහිත ගුණවර්ධන මහතා සමත්විය. මෙම තරගාවලිය තායිලනත්යේ බැංකොක් නුවර පසුගියදා පැවැත්විණි.
අලිමානාවා හා පැස්තුඩුවා අතර ආහාර සඳහා ඇති වූ සටනක් කුමන වනෝද්‍යානයේදී සිය කැමරාවේ සටහන් කර ගැනීමට රෝහිත ගුණවර්ධන මහතා සමත්ව තිබුණු අතර එම ඡායාරූපයට මෙසේ සම්මාන හිමිවිය.
කැළණිය විශ්වවිද්‍යාලයේ හා ශ්‍රී ලංකා ජායාරූ කළා සංගමයේ ඡායාරූප පිළිබඳ ඩිප්ලෝමා රෝහිත මහතා විසින් හදාරා තිබේ.