සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක හිමියෝ අද (08දා) සිංගප්පූරුවේදී අපවත්වූහ. උන්වහන්සේගේ සැපදුක් සොයාබැලීමට විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතාද පසුගියදා සිංගප්පුරුවට ගියේය. බුද්ධරක්ඛිත හිමියනගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 12දා මහනුවරදී පැවැත්වීමට නියමිතය.